කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

අඹගසදෝව පොලිස් වසමේ මැදවෙල රේන්දපොළ මාර්ගයේ පේරවැල්ල ප්‍රදේශයේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (12) සවස එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මැදවෙල සිට රේන්දපොළ දෙසට ධාවනය වූ කැබ් රථයක් කඳු සහිත මාර්ගයේ යූ හැඩයට ඇති වංගුවක් ගැනීමට යාමේදී රියදුරු ට කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුව ඇත.

අනතුරින් කැබ් රථයේ රියදුරු හා එහි ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඌවපරණගම රෝහලට ඇතුළත් කිරිමේදී  ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.

කැබ් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් හා 36ක් වන හග්ගල හා ගලහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අඹගස්දෝව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර අරච්චිකට්ටුව පොලිස් වසමේ හලාවත පුත්තලම මාර්ගයේ සෙංගල්ඔය පාලම අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

හලාවත දෙස සිටි පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවලා ලැබූ යතුරුපැදිකරු හලාවත රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි වීරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:11
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50


?