කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

අඹගසදෝව පොලිස් වසමේ මැදවෙල රේන්දපොළ මාර්ගයේ පේරවැල්ල ප්‍රදේශයේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (12) සවස එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මැදවෙල සිට රේන්දපොළ දෙසට ධාවනය වූ කැබ් රථයක් කඳු සහිත මාර්ගයේ යූ හැඩයට ඇති වංගුවක් ගැනීමට යාමේදී රියදුරු ට කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුව ඇත.

අනතුරින් කැබ් රථයේ රියදුරු හා එහි ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඌවපරණගම රෝහලට ඇතුළත් කිරිමේදී  ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.

කැබ් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් හා 36ක් වන හග්ගල හා ගලහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අඹගස්දෝව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර අරච්චිකට්ටුව පොලිස් වසමේ හලාවත පුත්තලම මාර්ගයේ සෙංගල්ඔය පාලම අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

හලාවත දෙස සිටි පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවලා ලැබූ යතුරුපැදිකරු හලාවත රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි වීරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42