කැපූ කිතුල් ගසට යට වී මාර්ගයේ ගමන් කළ අයෙක් ජීවිතක්ෂයට

කපන ලද කිතුල් ගසකට යට වී ඊයේ (15) පස්වරුවේ පුද්ගලයෙක් අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හඟුරන්කෙත, කැටිල්ලවෙල ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටිය දී මෙම පුද්ගලයාගේ ඇඟ මතට කපල ලද කිතුල් ගසක් වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එම පුද්ගලයා රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වියේ පසු වූ ඉස්කෝලවත්ත, ඇකිරිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගස කපන ලද 45 සහ 53 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා ද ඇකිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා මෘත ශරීරය රිකිල්ලගස්කඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?