Empty Ad
Empty Ad
AFC Banner

කැනේඩියානු හින්දු ප්‍රජාවගෙන් පොලිසියට ප්‍රශ්න වැලක්

තම ආගමික සහ සංස්කෘතික අයිතිවාසිකම් කිසිලෙසකින් ආරක්ෂා නොවන බව කැනේඩියානු හින්දු ප්‍රජාව චෝදනා කරනවා.

පසුගියදා කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව සිට මේ දක්වා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හින්දු ප්‍රජාව අතර දැඩි අප්‍රසාදයක් එරට පීල් ප්‍රාන්ත පොලිසිය කෙරෙහි හටගෙන ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

නොවැම්බර් මස 03 වැනි දින දීපාවලි සති අන්තයේ දී හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කැනේඩියානු හින්දු ප්‍රජාව චෝදනා කරන්නේ; එය විදේශීය රටක දී සිදු වූ කම්පනසහගත ම මිලේච්ඡ ප්‍රහාරයක් බවයි.

උතුරු අමෙරිකාවේ හින්දුවරුන්ගේ සන්ධානයේ (CoHNA) ප්‍රධාන සන්නිවේදන නිලධාරි පුෂ්පිට ප්‍රසාද් පවසා ඇත්තේ එය සමස්ත කැනේඩියානු හින්දු බැතුමතුන්ව කම්පනයට ලක් කර ඇති බවත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව පොලිසිය පියවර නොගන්නා බවත් ය.

කැනඩාවේ සරේ ප්‍රාන්තයේ ද මෙවැනි ම ප්‍රචණ්ඩත්වයක් හින්දු කෝවිලක හටගත් බව ද ඔවුන් පවසනවා

හුදෙක් ආගමේ මුවාවෙන් දේශපාලනික ගනුදෙනුවක් සිදුවන බවයි කැනේඩියානු හින්දු ප්‍රජාව චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?