කැනඩා අග්‍රාමාත්‍ය ධුරයට 59 හැවිරිදි මාක් කාර්නිට හිමිව තිබෙනවා.
එරට අග්‍රාමාත්‍යවරයා ලෙස වසර 09ක් කාලයක් එම ධුරය හෙබ වූ ජස්ටින් ටෲඩෝ; සිය පක්ෂයේ සාමාජිකයන්ගේ අප්‍රසාදයට පත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධුරය අහිමිව ගියා.
ඒ, ඔහුගේ පක්ෂයවන ලිබරල් පක්ෂයේ නායකත්ව අහිමිවීමත් සමඟයි.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය පාලක පක්ෂයට හිමිවන අතර, ඒ අනුවයි ලිබරල් පක්ෂය විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාක් කාර්නි පත්කර ඇත්තේ.
ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු මාක් කාර්නි එම පක්ෂ නායකයා ලෙස තෝරා ගැනුණා.
කාර්නි කැනඩා පුරවැසිභාවයත්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් ඇති අයෙක්වන අතර,මොහු බ්‍රිතාන්‍ය මහ බැංකු අධිපති ලෙසත්, කැනඩා මහ බැංකු අධිපති ලෙසත් කටයුතු කර තිබෙනවා.
ඒ, අනුව එළඹෙන කැනඩා මහ මැතිවරණයේ දී ලිබරල් පක්ෂය මෙහෙයවීම මාක් කාර්නිට පැවරෙනවා.