AFC Banner
Empty Ad
Empty Ad

කැනඩාවේ වෙඩි තැබීමක් – මියගිය පිරිස අතර ලාංකිකයෙකුත්

කැනඩාවේ අගනුවර වන ටොරෙන්ටෝහි දී වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියෙහි පසුවන තරුණයෙක්.

හෙතෙම යාපනය – මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි ව සිට කැනඩාව වෙත ගොස් සිටි සෙල්වසිංහම් සුලක්ෂන් නමැත්තෙක් බව වාර්තා වනවා.

මියගිය ලාංකික තරුණයාගේ පියා මීට වසර කිහිපයකට ඉහත දී කැනඩාවට ගොස් ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇති අතර; පසුව ඔහු සිය දරුවා ද එරටට ගෙන තිබෙනවා.

එහිදී මියගිය ලාංකික තරුණයා අධ්‍යාපන කටයුතුවලට අමතරව ව්‍යාපාරික කටයුතු සඳහා ද එක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම ව්‍යාපාරික දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් මත එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

වෙඩිල්ලෙන් කැනඩා ජාතිකයෙකු ද මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ටොරොන්ටෝ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?