කැනඩාවේ වෙඩි තැබීමක් – මියගිය පිරිස අතර ලාංකිකයෙකුත්

කැනඩාවේ අගනුවර වන ටොරෙන්ටෝහි දී වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියෙහි පසුවන තරුණයෙක්.

හෙතෙම යාපනය – මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි ව සිට කැනඩාව වෙත ගොස් සිටි සෙල්වසිංහම් සුලක්ෂන් නමැත්තෙක් බව වාර්තා වනවා.

මියගිය ලාංකික තරුණයාගේ පියා මීට වසර කිහිපයකට ඉහත දී කැනඩාවට ගොස් ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇති අතර; පසුව ඔහු සිය දරුවා ද එරටට ගෙන තිබෙනවා.

එහිදී මියගිය ලාංකික තරුණයා අධ්‍යාපන කටයුතුවලට අමතරව ව්‍යාපාරික කටයුතු සඳහා ද එක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම ව්‍යාපාරික දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් මත එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

වෙඩිල්ලෙන් කැනඩා ජාතිකයෙකු ද මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ටොරොන්ටෝ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56