කැනඩාවේ වීදි උත්සවයකට මෝටර් රථයක් කඩා වැදී සිදුවූ අනතුරින් මියගිය ගණන ඉහළට

කැනඩාවේ වැන්කුවර් හි වීදි උත්සවයකදී මෝටර් රථයක් පිරිසක් වෙත කඩා වැදීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දකවා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම අනතුරින් තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර මෝටර් රථය ධාවනය කළ 30 හැවිරිදි පුද්ගලයාට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ චෝදනා ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

වැන්කුවර් පැවති පිලිපීන සංස්කෘතිය සැමරූ උත්සවයකට රැස්ව සිටි පිරිසක් අතරට සැකකරු විසින් මෝටර් රථය ධාවනය කර අනතුර සිදුකර තිබුණා.

සෙනසුරාදා රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධියෙන් මියගිය 11 දෙනාගේ අනන්‍යතාවය හෙළි නොකිරීමටයි කැනඩා බලධාරීන් කටයුතු කර ඇත්තේ.

කැනඩා ආරක්ෂක අංශ සඳහන් කළේ මෙම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?