කැනඩාවේ රිය අනතුරකින් 15ක් මරුට

කැනඩාවේ ප්‍රේරි ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වයෝවෘද්ධ පුද්ගලයින් පිරිසක් රැගත් කුඩා බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුර කැනඩාවේ මෑත ඉතිහාසයේ සිදුවූ මාරක රිය අනතුරු වලින් එකක් ලෙසට සැලකෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 25 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස්ගත පුද්ගලයින් බව සඳහන්.

තුවාල ලැබූ තවත් දස දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. අනතුරට ලක්වූ වාහන දෙකෙහිම රියදුරන් සුළු තුවාල ලබා ඇති අතර අනතුරට වගකිව යුතු පාර්ශවයක් ගැන මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම අනතුර සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ කියා සිටියේ තම ආදරණීයයන් අහිමි වූවන්ට බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.

2018 වසරේ අප්‍රේල් මාසයේදී අසල්වැසි සස්කැච්වන් හි, ග්‍රාමීය මාර්ගයක කනිෂ්ඨ හොකී කණ්ඩායමක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක ට්‍රක් රථයක් ගැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගියා. එම අනතුරට සම්බන්ධ ට්‍රක් රථ රියදුරුට 2019 වසරේදී වසර අටක සිර දඬුවමක් නියම වුණා.

කැනේඩියානු ඉතිහාසයේ දරුණුතම රථවාහන අනතුර සිදු වූයේ 1997 වසරේ දී ක්විබෙක් පළාතේ දීයි. ඒ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන්. එම අනතුරින් 44 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?