කැනඩාවේ රිය අනතුරකින් 15ක් මරුට

කැනඩාවේ ප්‍රේරි ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වයෝවෘද්ධ පුද්ගලයින් පිරිසක් රැගත් කුඩා බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුර කැනඩාවේ මෑත ඉතිහාසයේ සිදුවූ මාරක රිය අනතුරු වලින් එකක් ලෙසට සැලකෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 25 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස්ගත පුද්ගලයින් බව සඳහන්.

තුවාල ලැබූ තවත් දස දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. අනතුරට ලක්වූ වාහන දෙකෙහිම රියදුරන් සුළු තුවාල ලබා ඇති අතර අනතුරට වගකිව යුතු පාර්ශවයක් ගැන මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම අනතුර සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ කියා සිටියේ තම ආදරණීයයන් අහිමි වූවන්ට බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.

2018 වසරේ අප්‍රේල් මාසයේදී අසල්වැසි සස්කැච්වන් හි, ග්‍රාමීය මාර්ගයක කනිෂ්ඨ හොකී කණ්ඩායමක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක ට්‍රක් රථයක් ගැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගියා. එම අනතුරට සම්බන්ධ ට්‍රක් රථ රියදුරුට 2019 වසරේදී වසර අටක සිර දඬුවමක් නියම වුණා.

කැනේඩියානු ඉතිහාසයේ දරුණුතම රථවාහන අනතුර සිදු වූයේ 1997 වසරේ දී ක්විබෙක් පළාතේ දීයි. ඒ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන්. එම අනතුරින් 44 දෙනෙකුට ජීවිත අහිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25