කැනඩාවේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසකට තුවාල

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ නගරාන්තර දුම්රියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

උෂ්ණත්වය -3.9C දක්වා පහත වැටුණු මෙරිට් නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වික්ටෝරියා සිට සැතපුම් 160ක් පමණ දුරින් සිදුවූ මෙම අනතුරට හේතුව කුමක්දැයි මෙතක් අනාවරණ වී නැහැ.

අනතුරින් පසු 53 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඩේවිඩ් එබි පැවසුවේ මෙම බරපතළ අනතුර සම්බන්ධයෙන් තමා කම්පනයට සහ කණගාටුවට පත් වූ බවයි.

සෙනසුරාදා නිකුත් කරන ලද විශේෂ කාලගුණ ප්‍රකාශයකට අනුව අධික හිම, අයිස් කැට සහ හිම කැට වර්ෂාව හේතුවෙන් Okanagan Connector ප්‍රදේශවල ගමනාගමනය සම්බන්ධයෙන් ද අනතුරු අඟවා තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැනඩාවේ විශාලතම නගර දෙක වන ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් අතර සියලුම දුම්රිය සේවා නත්තල් දිනය ද දී ඇති අද දිනයේ අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21