AFC Banner
AFC Banner
Empty Ad

කැණීම් කටයුතුවලට අදාළ මූල්‍ය ප්‍රතිපාදන දෙන ලෙසට අධිකරණයෙන් සිහිකැඳවීමක්

වරාය අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වටරවුම ආශ්‍රිතව තිබී හමු වූ මිනිස් ඇටසැකිලි ගොඩ ගැනීමේ සිද්ධියේ කැණීම් කටයුතුවලට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය වෙත සිහිකැඳවීමක් යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (9) අධිකරණ රෙජිස්ටර්වරයාට නියෝග කළා.

එම කැණීම් කටයුතුවලට අදාළ මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලැබී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය වෙත සිහි කැඳවීමේ නියෝගයක් ලබාදෙන ලෙසට වරාය පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

එම කැණීම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 19ක මුදලක් වැය වන බවට අදාළ ඇස්තමේන්තුවක් කැණීම් භාර නිලධාරීන් පෙර නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම මුදල් එම කැණීම් කටයුතු සඳහා ලබාදෙන ලෙසට ද අධිකරණය පෙර නඩු වාරයේ දී අධිකරණ අමාත්‍යාංශයට නියෝග කර තිබුණු බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එසේ නියෝගයක් ලබා දී තිබුණ ද එම මුදල් අදාළ කැණීම් කටයුතු සඳහා ලබා දී නොමැති බවට වරාය පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දුන්නා.

වරාය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කිරීමේදී එහි සේවකයින්ට මෙම මිනී ඇටකටු සහිත ස්ථානය ඉකුත් ජුනි මස 13 වෙනි දින හමු වී ඇති බවත් ඉන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?