AFC Banner
Empty Ad
Empty Ad

කැකිරාව, මහවැව ප්‍රදේශවාසීන්ට සද්ධන්තයෙකුගෙන් කරදර (ඡායාරූප)

කැකිරාව, මහවැව ප්‍රදේශයේ ඊයේ (24) දින අලියෙකු විසින් නිවසක වහලය ගලවා නිවස තුළ තිබූ වී පිරවූ මලු පිටතට ඇද ආහාරයට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.

ගම්වාසීන් කොතෙක් ප්‍රයත්න දැරුවද වන අලියා පැයක පමණ කාලයක් නිවසේ වහලයේ පැත්තක් මුළුමනින්ම ගලවා වී ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වනජීවී නිලධාරීන්ද පැමිණ වන අලියා පලවා හැරීමට කටයුතු කර ඇති අතර සිද්ධියෙන් නිවස තුළ රැඳී සිටි පුද්ගලයන්ට කිසිදු හානියක් සිදුව නැහැ.

එහිදී එම නිවසෙහි වහලයේ එක් පැත්තක් මුළුමනින්ම කඩා දමා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්වාසීන් පවසන්නේ මෙම වන අලියා නිවසේ බිත්තිය දිගේ බඩගාමින් බිත්තිය මුදුනට නැග වහලය කඩා ඉවත් කර නිවස තුළ තිබූ වී ඇතුළු වෙනත් ආහාර වර්ග සියල්ලම ආහාරයට ගෙන ඇති බවයි.

මීට වසර දහයකට පමණ පෙර එම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් අලි වැටක් සකස් කිරීමට මැනුම් කටයුතු සිදුකර සියලු වැඩ කටයුතු ආරම්භ කර ඇති නමුත් තවමත් අලි වැට ඉදිකර නැහැ.

අලිවැට ඉදිකර තිබුණේ නම් මෙවැනි සිදුවීම් නොවෙන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

WhatsApp Image 2024 09 25 at 11.03.15 2
WhatsApp Image 2024 09 25 at 11.03.15 1 1
WhatsApp Image 2024 09 25 at 11.03.15 4
WhatsApp Image 2024 09 25 at 11.03.14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?