කැකිරාව, මහවැව ප්‍රදේශවාසීන්ට සද්ධන්තයෙකුගෙන් කරදර (ඡායාරූප)

කැකිරාව, මහවැව ප්‍රදේශයේ ඊයේ (24) දින අලියෙකු විසින් නිවසක වහලය ගලවා නිවස තුළ තිබූ වී පිරවූ මලු පිටතට ඇද ආහාරයට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.

ගම්වාසීන් කොතෙක් ප්‍රයත්න දැරුවද වන අලියා පැයක පමණ කාලයක් නිවසේ වහලයේ පැත්තක් මුළුමනින්ම ගලවා වී ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වනජීවී නිලධාරීන්ද පැමිණ වන අලියා පලවා හැරීමට කටයුතු කර ඇති අතර සිද්ධියෙන් නිවස තුළ රැඳී සිටි පුද්ගලයන්ට කිසිදු හානියක් සිදුව නැහැ.

එහිදී එම නිවසෙහි වහලයේ එක් පැත්තක් මුළුමනින්ම කඩා දමා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්වාසීන් පවසන්නේ මෙම වන අලියා නිවසේ බිත්තිය දිගේ බඩගාමින් බිත්තිය මුදුනට නැග වහලය කඩා ඉවත් කර නිවස තුළ තිබූ වී ඇතුළු වෙනත් ආහාර වර්ග සියල්ලම ආහාරයට ගෙන ඇති බවයි.

මීට වසර දහයකට පමණ පෙර එම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් අලි වැටක් සකස් කිරීමට මැනුම් කටයුතු සිදුකර සියලු වැඩ කටයුතු ආරම්භ කර ඇති නමුත් තවමත් අලි වැට ඉදිකර නැහැ.

අලිවැට ඉදිකර තිබුණේ නම් මෙවැනි සිදුවීම් නොවෙන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

WhatsApp Image 2024 09 25 at 11.03.15 2
WhatsApp Image 2024 09 25 at 11.03.15 1 1
WhatsApp Image 2024 09 25 at 11.03.15 4
WhatsApp Image 2024 09 25 at 11.03.14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40