කාශ්මීරයට යළි ප්‍රහාරයක් එල්ල කිරීමේ පාකිස්තාන ත්‍රස්ත සැලැස්මක්

සින්දූර් මෙහෙයුමෙන් මාස හයකට පසු, පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්ත කණ්ඩායම්, විශේෂයෙන් ලෂ්කාර්-ඊ-තායිබා (LeT) සහ ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM) සම්බන්ධීකරණ ප්‍රහාරවල නව රැල්ලක් සඳහා බලමුලු ගන්වමින් සිටින බව වාර්තාවකින් පෙන්නුම් කෙරෙනවා.

NDTV වෙත ලැබුණු බව කියන නවතම බුද්ධි තොරතුරුවලින් හෙළි වන්නේ ජම්මු සහ කාශ්මීර යුනියන් ප්‍රදේශය ඉලක්ක කරගත් පකිස්ථානයේ පිටුබලය ලත් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල භයානක වැඩිවීමක් ඇති බවයි.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවේ දියත් කරන ලද සින්දූර් මෙහෙයුමෙන් මාස හයකට පසු, පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්ත කණ්ඩායම්, විශේෂයෙන් ලෂ්කාර්-ඊ-තායිබා (LeT) සහ ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM) සම්බන්ධීකරණ ප්‍රහාරවල නව රැල්ලක් සඳහා බලමුලු ගන්වමින් සිටින බව අදාළ වාර්තා උපුටා දක්වමින් NDTV වාර්තා කරනවා.

බුද්ධි ලේඛනයට අනුව, සැප්තැම්බර් මාසයේ සිට ත්‍රස්ත කණ්ඩායම් ආක්‍රමණය, ඔත්තු බැලීම සහ දේශසීමා හරහා සැපයුම් කටයුතු වේගවත් කර ඇතැයි සඳහන්.

පාකිස්තානයේ විශේෂ සේවා කණ්ඩායම (SSG) සහ අන්තර් සේවා බුද්ධි (ISI) ක්‍රියාකාරීන්ගේ සහාය ඇතිව, පාලන රේඛාව (LoC) ඔස්සේ ආක්‍රමණ මාර්ග හරහා ජම්මු සහ කාශ්මීරයට ඇතුළු වූ බව NDTV වාර්තා කරනවා.

ත්‍රස්තවාදී ෂම්ෂර්ගේ නායකත්වයෙන් යුත් LeT ඒකකයක් ඩ්‍රෝන යානා භාවිතා කරමින් ගුවන් ඔත්තු බැලීමක් සිදු කළ බවත්, අවදානමට ලක්විය හැකි LoC හිඩැස් හඳුනා ගත් බවත් පුවත් වාර්තාවේ සඳහන්.

පසුගිය ඔක්තෝබර් මාසයේදී පාකිස්තා පාලනයේ පවතින කාශ්මීරයේදී පැවති ඉහළ මට්ටමේ රැස්වීමකට ජමාත්-ඊ-ඉස්ලාමි, හිස්බුල් මුජාහිදීන් සහ ISI නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැස් වූ බව බුද්ධි අංශ උපුටා දක්වමින් NDTV වාර්තා.කරනවා.

මෙහිදී ත්‍රස්තවාදීන් පුනර්ජීවනය කිරීමට, හිටපු අණ දෙන නිලධාරීන්ට මාසික දීමනා නිකුත් කිරීමට සහ සින්ඩූර් මෙහෙයුමේදී සිදු වූ පාඩු පළිගැනීමට කණ්ඩායම් යොමු කිරීමට සැලසුම් අවසන් කර ඇතැයි පුවත් වාර්තාවේ දැකවෙනවා.

නවදිල්ලියේ නිලධාරීන් බුද්ධි තොරතුරු “තීරණාත්මක අනතුරු ඇඟවීමක්” ලෙස විස්තර කර ඇති අතර, ඉන්දීය හමුදාව සහ බුද්ධි අංශ උතුරු අණදෙන අංශ හරහා දැඩි සීරුවෙන් සිටින බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?