කාශ්මීරයට යළි ප්‍රහාරයක් එල්ල කිරීමේ පාකිස්තාන ත්‍රස්ත සැලැස්මක්

සින්දූර් මෙහෙයුමෙන් මාස හයකට පසු, පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්ත කණ්ඩායම්, විශේෂයෙන් ලෂ්කාර්-ඊ-තායිබා (LeT) සහ ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM) සම්බන්ධීකරණ ප්‍රහාරවල නව රැල්ලක් සඳහා බලමුලු ගන්වමින් සිටින බව වාර්තාවකින් පෙන්නුම් කෙරෙනවා.

NDTV වෙත ලැබුණු බව කියන නවතම බුද්ධි තොරතුරුවලින් හෙළි වන්නේ ජම්මු සහ කාශ්මීර යුනියන් ප්‍රදේශය ඉලක්ක කරගත් පකිස්ථානයේ පිටුබලය ලත් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල භයානක වැඩිවීමක් ඇති බවයි.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවේ දියත් කරන ලද සින්දූර් මෙහෙයුමෙන් මාස හයකට පසු, පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්ත කණ්ඩායම්, විශේෂයෙන් ලෂ්කාර්-ඊ-තායිබා (LeT) සහ ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM) සම්බන්ධීකරණ ප්‍රහාරවල නව රැල්ලක් සඳහා බලමුලු ගන්වමින් සිටින බව අදාළ වාර්තා උපුටා දක්වමින් NDTV වාර්තා කරනවා.

බුද්ධි ලේඛනයට අනුව, සැප්තැම්බර් මාසයේ සිට ත්‍රස්ත කණ්ඩායම් ආක්‍රමණය, ඔත්තු බැලීම සහ දේශසීමා හරහා සැපයුම් කටයුතු වේගවත් කර ඇතැයි සඳහන්.

පාකිස්තානයේ විශේෂ සේවා කණ්ඩායම (SSG) සහ අන්තර් සේවා බුද්ධි (ISI) ක්‍රියාකාරීන්ගේ සහාය ඇතිව, පාලන රේඛාව (LoC) ඔස්සේ ආක්‍රමණ මාර්ග හරහා ජම්මු සහ කාශ්මීරයට ඇතුළු වූ බව NDTV වාර්තා කරනවා.

ත්‍රස්තවාදී ෂම්ෂර්ගේ නායකත්වයෙන් යුත් LeT ඒකකයක් ඩ්‍රෝන යානා භාවිතා කරමින් ගුවන් ඔත්තු බැලීමක් සිදු කළ බවත්, අවදානමට ලක්විය හැකි LoC හිඩැස් හඳුනා ගත් බවත් පුවත් වාර්තාවේ සඳහන්.

පසුගිය ඔක්තෝබර් මාසයේදී පාකිස්තා පාලනයේ පවතින කාශ්මීරයේදී පැවති ඉහළ මට්ටමේ රැස්වීමකට ජමාත්-ඊ-ඉස්ලාමි, හිස්බුල් මුජාහිදීන් සහ ISI නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැස් වූ බව බුද්ධි අංශ උපුටා දක්වමින් NDTV වාර්තා.කරනවා.

මෙහිදී ත්‍රස්තවාදීන් පුනර්ජීවනය කිරීමට, හිටපු අණ දෙන නිලධාරීන්ට මාසික දීමනා නිකුත් කිරීමට සහ සින්ඩූර් මෙහෙයුමේදී සිදු වූ පාඩු පළිගැනීමට කණ්ඩායම් යොමු කිරීමට සැලසුම් අවසන් කර ඇතැයි පුවත් වාර්තාවේ දැකවෙනවා.

නවදිල්ලියේ නිලධාරීන් බුද්ධි තොරතුරු “තීරණාත්මක අනතුරු ඇඟවීමක්” ලෙස විස්තර කර ඇති අතර, ඉන්දීය හමුදාව සහ බුද්ධි අංශ උතුරු අණදෙන අංශ හරහා දැඩි සීරුවෙන් සිටින බව වාර්තා වනවා.

  1. පකිස්තානය යනු තනිකරම ත්‍රස්තවාදී රාජ්‍යයකි. එහි කිසිදු සාමාන්‍ය මනුෂ්‍යයෙක් නැත. සෑම පුද්ගලයකුම ඕනෑම මොහොතක ත්‍රස්තවාදී කටයුතුවලට නොපැකිළව සම්බන්ධ වේ. ඔවුන් කුමන රටකට ගියත් කරනුයේ ත්‍රස්තවාදය පැතිරවීමයි.

    • එක්වරක් එහි කර්මාන්ත ශාලාවක සේවය කල ලාංකික කලමනාකරුව මහමගට ඇදගෙනවිත් කෲරලෙස පහරදී මරාදැමූ ආකාරය ඔබලාට මතකද..?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29