කාලි මෑණියන්ගේ රත්තරන් ඉස්සූ සොරුන් අත්අඩංගුවට

උඩප්පුව කාලි දේවාලය බිඳ එහි තිබූ රන් ආභරණ සොරකම් කළ බව කියන සැකකරුවෙක් සහ ඊට අනුබල දුන් තවත් පුද්ගලයෙක් උඩප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා රාත්‍රියේ උඩප්පුව කාලි දේවාලය බිඳ එහි තිබූ රන් ආභරණ මෙලෙස සොරාගෙන ගොස් තිබූ අතර, එහිදී දේව ප්‍රතිමාවට පළඳවා තිබූ රන් දම්වැලක් ද සොරාගෙන ගොස් තිබුණා.

දේවාලයට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයා සොරකම සිදුකරන ආකාරය එහි සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබූ බවයි විමර්ශන සිදුකළ පොලිසිය සඳහන් කළේ.

එම දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශණවලින් පසුවයි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇත්තේ.

මෙහිදී මුන්දලම ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සොරකමේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 20ක් පමණ රන් අභරණ ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකු සතුව තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
21
+1
4
+1
3
+1
8
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54