කාලි මෑණියන්ගේ රත්තරන් ඉස්සූ සොරුන් අත්අඩංගුවට

උඩප්පුව කාලි දේවාලය බිඳ එහි තිබූ රන් ආභරණ සොරකම් කළ බව කියන සැකකරුවෙක් සහ ඊට අනුබල දුන් තවත් පුද්ගලයෙක් උඩප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා රාත්‍රියේ උඩප්පුව කාලි දේවාලය බිඳ එහි තිබූ රන් ආභරණ මෙලෙස සොරාගෙන ගොස් තිබූ අතර, එහිදී දේව ප්‍රතිමාවට පළඳවා තිබූ රන් දම්වැලක් ද සොරාගෙන ගොස් තිබුණා.

දේවාලයට හොර රහසේ ඇතුළු වූ පුද්ගලයා සොරකම සිදුකරන ආකාරය එහි සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබූ බවයි විමර්ශන සිදුකළ පොලිසිය සඳහන් කළේ.

එම දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශණවලින් පසුවයි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇත්තේ.

මෙහිදී මුන්දලම ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සොරකමේ සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 20ක් පමණ රන් අභරණ ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙකු සතුව තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
21
+1
4
+1
3
+1
8
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?