AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔඩිෂා වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඊයේ (09) වන විට උතුරු අක්ෂාංශ 21.4ත් නැගෙනහිර දේශාංශ 84.5ත් ආශ්‍රිතව පැවති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පද්ධතිය තවදුරටත් දුර්වල වනු ඇති බව එම නිවේදනයේ සඳහන්.

උතුරු අක්ෂාංශ 16ත්, 20ත් සහ නැගෙනහිර දේශාංශ 82ත්, 90ත් අතර මුහුදු ප්‍රදේශ වලට පැයට කිලෝ මීටර් 70-75 සමගින් ඉතා තද සුළං සහ වැසි පැවතිය හැකියි.

පහත නිවේදනයේ දැක්වෙන සිතියමේ “Warning” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
5
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?