කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔඩිෂා වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඊයේ (09) වන විට උතුරු අක්ෂාංශ 21.4ත් නැගෙනහිර දේශාංශ 84.5ත් ආශ්‍රිතව පැවති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පද්ධතිය තවදුරටත් දුර්වල වනු ඇති බව එම නිවේදනයේ සඳහන්.

උතුරු අක්ෂාංශ 16ත්, 20ත් සහ නැගෙනහිර දේශාංශ 82ත්, 90ත් අතර මුහුදු ප්‍රදේශ වලට පැයට කිලෝ මීටර් 70-75 සමගින් ඉතා තද සුළං සහ වැසි පැවතිය හැකියි.

පහත නිවේදනයේ දැක්වෙන සිතියමේ “Warning” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14