ධීවර කටයුතුවල යෙදී සිටි කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් ධීවරයෙකු බේරාගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (28) පස්වරුවේ සිදු ව ඇත්තේ හලාවත – කරුකුපනේට නුදුරු මුහුදු ප්‍රදේශයේ දී බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ හලාවත – අළුත්වත්ත පදිංචිව සිටි ජයතුංග ආරච්චිගේ දොන් ජනිත් ක්‍රිශාන් අප්පුහාමි නම් වූ 39 හැවිරිදි අයෙක්.
අනතුරට පත්ව ඇති යාත්‍රාව ඊයේ අලුයම හලාවත – අළුත්වත්ත ප්‍රදේශයෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් තිබෙනවා.
එම යාත්‍රාව හලාවත – කරුකුපනේට නුදුරු මුහුදේ දී අයහපත් කාලගුණික තත්ත්වය නිසා පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් මුහුදේ පීනා කරුකුපනේ ගම්මානයට පැමිණ දිවි ගලවාගෙන තිබෙනවා.
යාත්‍රාව පෙරළී යාමෙන් අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර ඊයේ සවස ආරච්චිකට්ටුව – මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබෙනවා.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහා රෝහලට ගෙනැවිත් ඇති බවයි වාර්තා වන්නේ.





