කාලගුණ නිවේදන ගණන් නොගෙන මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී අයෙක් මරුට

ධීවර කටයුතුවල යෙදී සිටි කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් ධීවරයෙකු බේරාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (28) පස්වරුවේ සිදු ව ඇත්තේ හලාවත – කරුකුපනේට නුදුරු මුහුදු ප්‍රදේශයේ දී බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ හලාවත – අළුත්වත්ත පදිංචිව සිටි ජයතුංග ආරච්චිගේ දොන් ජනිත් ක්‍රිශාන් අප්පුහාමි නම් වූ 39 හැවිරිදි අයෙක්.

අනතුරට පත්ව ඇති යාත්‍රාව ඊයේ අලුයම හලාවත – අළුත්වත්ත ප්‍රදේශයෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් තිබෙනවා.

එම යාත්‍රාව හලාවත – කරුකුපනේට නුදුරු මුහුදේ දී අයහපත් කාලගුණික තත්ත්වය නිසා පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් මුහුදේ පීනා කරුකුපනේ ගම්මානයට පැමිණ දිවි ගලවාගෙන තිබෙනවා.

යාත්‍රාව පෙරළී යාමෙන් අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර ඊයේ සවස ආරච්චිකට්ටුව – මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබෙනවා.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහා රෝහලට ගෙනැවිත් ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41