Empty Ad
AFC Banner
Empty Ad

කාර්යාල සහායකයෙකුට වසර 28ක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම්

මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා අද (06) රුපියල් 31,000ක දඩයක් ද නියම කළා.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවම් කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට ද නියම කෙරුණා.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙ දඬුවම් නියම වුයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස කටයුතු කළ රාමවික්‍රම ගමාච්චිගේ රුවන් නමැත්තකුට යි.

2016 සැප්තැම්බර් 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී, මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට තැපැල් මගින් ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට තිලිණ නයනජිත් නමැත්තාගෙන් රුපියල් 11,000ක අල්ලසක් ඉල්ලීම, ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?