කාර්යාල වේලාවන් වෙනස් වෙයි ද ?

කාර්යාලවල රාජකාරී ආරම්භ කිරීමේ වේලාවන්හි වෙනසක් සිදුකළ යුතු ද යන්න පිළිබඳ හෙට (21) පැවැත්වෙන ජාතික කම්කරු උපදේශක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ රථවාහන තදබදය අවම කිරීමේ පියවරක් ලෙස කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ දී සාකච්ඡා කිරීමට නියමිත බවය.

ජාතික කම්කරු උපදේශක සභාව හෙට පස්වරුවේ කම්කරු අමාත්‍යාශයේ දී රැස්වේ.

මෙහිදී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට එම අරමුදලින් සියයට 30 ලබාගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරෙන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

එමෙන්ම මූල්‍ය සේවා මත වැට් බදු පැනවීම හා අධිභාර බද්ද සම්බන්ධයෙන් එහිදී වෘත්තීය සමිති විසින් අදහස් දැක්වීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?