කාය වර්ධන ශූරයින් ජයග්‍රහණ සමඟින් මව්බිමට

ලෝකයේ රටවල් 30 ක කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කගේ සහභාගීත්වයෙන් මිස්ටර් යුනිවර්ස් ( Mr: Universe ) කායවර්ධන ශූරතා තරගාවලිය පසු ගිය 23 හා 24 යන දින දෙකේදී තායිලන්තයේදී පැවැත්වුණා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූ අතර එම කණ්ඩායමෙන් 07 දෙනෙක්ම පදක්කම් දිනා ගනිමින් සමස්ථ තරගාවලියේ ජයග්‍රහණය ද හිමි කර ගත්තා.

දිනා ගත සමස්ත පදක්කම් ගණන 14ක් වූ අතර රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඒ අතර වුණා

ජයග්‍රාහී කණ්ඩායම අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපළෙන් ම්මවුබිමට පැමිණියා.

පොලිස් විශේෂ කාර්යය බළකායේ සැරයන් කේ.ඩී.මායාදුන්න ක්‍රීඩකයා රන් පදක්කම් 02 ක් දිනා ගනිමින් ලෝකයේ ඉහළම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ මිස්ටර් ඔලිම්පියා ( Mr. Olimpia ) තරගාවලිය සදහා සහභාගී වීමට අවශ්‍ය සුදුසුකම් සහිත අයි.එෆ්.බී.බී.ප්‍රෝ කාඩ්පත ( I.F.B.B.Pro Card ) දිනා ගැනීමට සමත් වුණා .

ශ්‍රී ලංකා කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් ද ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?