Indian Premier League

කාබන් කම්හලක පිපිරීමක් – අයෙක් මරුට; 19කට තුවාල (වීඩියෝ)

දිවුලපිටිය බඩල්ගම – මීගමුව මාර්ගයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදු වූ හදිසි පිපිරීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (14) පෙරවරුවේ මෙම පිපිරීම සිදු ව ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටා ඇති කාබන් නිෂ්පාදනය කර, අපනයනය සිදු කරන කර්මාන්ත ශාලාවක බවයි බඩල්ගම පොලිසිය පැවසුවේ.

පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කර්මාන්තශාලාවේ තිබූ බොයිලේරුවක් පුපුරා යාමෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර තුවාලකරුවන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?