කාන්තාවන්ට ඇති කොවිඩ් අවදානම ඉහළට

මේවන විට මෙරට පැතිර යන කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සිදුව ඇති වර්ධනය ඉදිරියේ මෙරට කාන්තා මරණ සිදුවීමේ වැඩි වීමක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ජාතික පුවත්පතක් වාර්තා කොට ඇත්තේ මෙලෙස මිය යන කොවිඩ් ආසාදිත කාන්තාවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව යි.

පළමු කොවිඩ් රැලිවල දී බොහෝ සෙයින් මරණයට පත් වූයේ පිරිමි පුද්ගලයින්.

එහෙත් මේවන විට කාන්තා මරණ ගණන පිරිමි මරණ ගණන හා සමාන වී ඇති බව අදාළ නිලධාරියා ප්‍රකාශ කොට තිබෙනවා.

එමෙන්ම මෙලෙස කොවිඩ් ආසාදිතව මිය යන කාන්තාවන් බොහෝ දෙනෙකු දියවැඩියාව, හෘද රෝග ආදී බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් නොවන, නීරෝගීව සිටි අය බව ද ඔහු අවධාරණය කර තිබෙන බව සඳහන්.

මේ අතර ගැබිණි හා කිරි දෙන මවුවරුන් හට ද කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ප්‍රකාශ කළ ද එය අවිනිෂ්චිත මට්ටමක පවතින බව ද මෙම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

කොවිඩ් මර්දන එන්නත් වැඩපිළවෙල යටතේ දැනට ලබා දෙන එන්නත් වර්ග දෙක ගැබිණි හා කිරි දෙන මවුවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණ වාර්තා නොමැති වීම එයට හේතුවයි.

ලෝකයේ මේවන විට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන අන්නත ගැබිණි මව්වරුන්ට ලබා දීම සුදුසු බව අනාවරණය වී ඇති නමුත් මෙරට තුළ මේවන විට භාවිතවන චීන ‘සයිනොෆාම්’ එන්නත සහ රුසියානු ‘ස්පුට්නික් වී’ එන්නත යන දෙක පිළිබඳව ගැබිණියන් සම්බන්ධව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09