කාන්තාවන්ගේ ස්වභාවික ආශාවේ කැපී පෙනෙන වෙනසක් වෙලා

කාන්තාවන් බහුතරයක් විරුද්ධ ලිංගිකයින් පමණක් ඇසුරින් ඈත් වී සමලිංගික සේවනයට හුරු වී ඇති බව ඇමරිකාවේ පර්යේෂණයකින් තහවුුරු වී ඇත.

නිව්යෝර්ක්හි ‘බිංග්හැම්ටන්’ මානව ලිංගික පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ කාලයක සිට ලිංගක හැසිරීම් පිළිබඳ කළ අධ්‍යනයකින් මේ බව සනාත කරගෙන ඇත.

ඔවුන්ගේ සෑම අධ්‍යයනයකටම සහභාගී වූවන්ට තම ලිංගික කැමැත්ත සහ ලිංගිකත්වය වාර්තා කරන ලෙස ඉල්ලා තිබිණි.

2011 සහ 2019 අතර කාලය තුළ විශ්ව විද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් විරුද්ධ ලිංගිකයන් පමණක් ඇසුරෙන් ඈත් වී ඇති බව ඔවුහු සොයා ගත්හ.

2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් සිටින්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර, මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත. 2011 දී එය 77%ක අගයක තිබිණි.

එම වසර තුළ පුරුෂයන් සමඟ පමණක් ලිංගිකව හැසිරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද අවම වී තිබේ.

මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා ලිංගික හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බව වාර්තා වේ.

පුරුෂයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන අතර, 90%කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව වාර්තා විය.

එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය ඇතුළුව ලොව පුරා සිදු වූ අනෙකුත් සමීක්ෂණ ද මෙවැනිම සොයා ගැනීම් ඉදිරිපත් කර ඇත. කෙසේනමුත්, සමස්තයක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන්ට වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තාවීම වැඩි වී ඇත.

පසුගිය දශක කීපය තුළ සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් කළ ස්ත්‍රීවාදයේ ප්‍රගතිය සහ කාන්තා ව්‍යාපාර වැනි දේවලින් සමාජ දේශපාලන දර්ශනයේ සිදු වූ කැපී පෙනෙන වෙනස මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ෂෝන් මැසී සහ ඔහුගේ සගයන් පෙන්වා දෙයි.

මූලාශ්‍රය – බීබීසී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24