AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවක් මරා රන් බඩු කොල්ල කෑ ස්පා තෙරපිවරිය අත්අඩංගුවට

පසුගිය සැප්තැම්බර් මස 28 වනදා වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර පළා ගිය බව කියන සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සකකාරිය ඊයේ (18) බැලුම්මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයට සම්බන්ධ බව කියන දෙවන සැකකාරිය බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

වැලිවේරිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මැය අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය කලුබෝවිටියාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන අතර, ඇය සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් ලෙස සේවය කර ඇති බවයි වාර්තා වුණේ.

කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇයගේ රන් ආභරණ ද සැකකාරිය විසින් කොල්ල කා ඇති අතර, එම රන් ආභරණ සොයා ගැනීමට පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?