කාන්තාවකට දිවි අහිමි කළ ආහාර මල්ල

2022.11.22 වන දින දහවල් කාලයේ තෙරිපැහැ පොලිස් වසමේ යහලගම ප්‍රදේශයේදී පුද්ගලයකු කාන්තාවන් දෙදෙනෙකුට එල්ල කළ පිහි පහරින් එක් කාන්තාවක් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ අවුරුදු 50 ක් වූ මුගුණගහපිටියේ පදිංචිකාරියකි.පිහිපහරින් බරපතළ තුවාල ලැබූ දියණිය තෙරිපැහැ රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය තැනැත්තියගේ දියණිය සිය සැමියාගෙන් වෙන්වී මව සමග මවගේ නිවසේ ජීවත්ව සිට ඇති අතර, ආර්ථික අපහසුතා වෙනුවෙන් රජය මගින් ලබාදෙන වියලි ආහාර මල්ලක් ලබාගැනීමට තෙරිපැහැ හෙලගම ග්‍රාම නිලධාරී කාර්යාලයට ගිය අව අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය කියයි.

සැකකරුගේ නමින් ඇති අධාර මල්ලක් මව සහ දියණිය ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී බෑනා සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහු සඟවා ගෙන සිටි පිහියෙන් මවට සහ දියණියට පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ (27) හැවිරිදි සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !