ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කෙරේ

සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනවා ඇති ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමු වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම පැවැති අවස්ථාවේ දී මේ පිළිබඳ ඉල්ලීම යොමු කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි. ආදායම් ලබන රාජ්‍ය ආයතන කොටස් වශයෙන් විවෘත කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන් ගෙන්වීමට අවසර ලබා දීම, ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම, ත්‍රිරෝද රථ ධාවනයට අවසර ලබා දීම එම ඉල්ලීම් වෙයි.

ජනාධිපතිවරයා ඒ සඳහා අවසර ලබා දුන් අතර පොලිසිය හා සෞඛ්‍ය සේවා දැඩි අධීක්ෂණයක් කළ යුතු බව ද ප්‍රකාශ කළේය. දිවයිනේ සෑම ප්‍රදේශයකටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව ලැබීමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කිරීමේ කාර්ය වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනට පවරා දෙනු ලැබීය.

සෑම ප්‍රදේශයකම පවතින ප්‍රශ්න පිළිබඳ පොලිස් ස්ථාන මගින් දෛනික වාර්තාවක් ලබා ගෙන අදාළ රාජ්‍ය ආයතනවලට යොමු කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. අනවශ්‍ය පුද්ගලයන් මාර්ගවල ගමන් කිරීම නතර කරන ලෙස ද ඔහු පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46