ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ බුදු පිළිම ගලවන්න කියන එකට නෙවෙයි (වීඩියෝ)

මෙරට ඇති වාහනවල කලාත්මක අලංකරණයට සවිකර ඇති සියලු ම අමතර උපාංග වහාම ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය රථවාහන රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන අතර එම වැඩසටහන අනුව යමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන විසින් මාර්ගයේ ධාවනය වන වාහන නවතා මෙම උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

අද (04) දිනයේ දීත් තලංගම, කොස්වත්ත පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් සිදු කළ ත්‍රීරෝද රථ පරීක්ෂාවක දී එම ත්‍රීරෝද රථයේ අමතර ව සවිකර ඇති සුළං කවුළු, පැති කණ්ණාඩි, ඩෑෂ්බෝර්ඩ් සහ ආගමික සංකේත සියල්ල ම ඉවත් කරන ලෙසට තමන්ට උපදෙස් දුන් බවට ත්‍රීරෝද රථ රියදුරන් පවසනවා.

මගී අසුන සහ රියදුරු අසුන හැර ත්‍රීරෝද රථය අලංකරණය වීමට සවිකර සියලු ම අමතර උපාංග ඉවත් කරන ලෙසටත් බුදුපිළිම ද ඉවත් කරන ලෙසටත් දැනුම්දුන් බවයි ත්‍රීරෝද රථ රියදුරන් පවසන්නේ.

එහිදී එක් රියදුරෙකු තලංගම පොලිසියෙන් විමසා ඇත්තේ බුදු පිළිම සිය රථයෙන් ගැලවීමේ අරමුණ කුමක්දැ යන්නයි.

එහිදී තමන් හට එම නිලධාරීන් පැවසුවේ ‘ඒවා ගෙදර ගිහිං කරගන්න.” යනුවෙන් බවත් රියදුරන් චෝදනාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කර සිටිනවා.

ක්ලීන් ශ්‍රී ලංකා යනු වාහන අලංකරණයට යොදා ඇති දෑ ඉවත් කිරීම නොව, රට පිරිසිදු ව තබා ගැනීමට අවශ්‍ය කරන කාණු පද්ධති සුද්ද පවිත්‍ර කිරීම, කසළ බඳුන් පිළියෙල කර ඊට කසළ දැමීමට ජනතාව හුරු කරවීම වැනි ක්‍රියාකාරකම් බවයි තවත් එක් රියදුරෙකු චෝදනා කරන්නේ.

වාහනවල මගීන්ට අපහසුවක් වන ඕනෑම වැඩිමනත් අලංකරණ උපාංග ඉවත් කළ ද, පිළිවෙළකට තබාගෙන ඇති සිය රථවල ආගමික සංකේත පවා ඉවත් කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් බලාපොරොත්තු නොවූ බවයි ජනතාව පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
15
+1
14
+1
4
+1
1
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?