ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ බුදු පිළිම ගලවන්න කියන එකට නෙවෙයි (වීඩියෝ)

මෙරට ඇති වාහනවල කලාත්මක අලංකරණයට සවිකර ඇති සියලු ම අමතර උපාංග වහාම ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය රථවාහන රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන අතර එම වැඩසටහන අනුව යමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන විසින් මාර්ගයේ ධාවනය වන වාහන නවතා මෙම උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

අද (04) දිනයේ දීත් තලංගම, කොස්වත්ත පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් සිදු කළ ත්‍රීරෝද රථ පරීක්ෂාවක දී එම ත්‍රීරෝද රථයේ අමතර ව සවිකර ඇති සුළං කවුළු, පැති කණ්ණාඩි, ඩෑෂ්බෝර්ඩ් සහ ආගමික සංකේත සියල්ල ම ඉවත් කරන ලෙසට තමන්ට උපදෙස් දුන් බවට ත්‍රීරෝද රථ රියදුරන් පවසනවා.

මගී අසුන සහ රියදුරු අසුන හැර ත්‍රීරෝද රථය අලංකරණය වීමට සවිකර සියලු ම අමතර උපාංග ඉවත් කරන ලෙසටත් බුදුපිළිම ද ඉවත් කරන ලෙසටත් දැනුම්දුන් බවයි ත්‍රීරෝද රථ රියදුරන් පවසන්නේ.

එහිදී එක් රියදුරෙකු තලංගම පොලිසියෙන් විමසා ඇත්තේ බුදු පිළිම සිය රථයෙන් ගැලවීමේ අරමුණ කුමක්දැ යන්නයි.

එහිදී තමන් හට එම නිලධාරීන් පැවසුවේ ‘ඒවා ගෙදර ගිහිං කරගන්න.” යනුවෙන් බවත් රියදුරන් චෝදනාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කර සිටිනවා.

ක්ලීන් ශ්‍රී ලංකා යනු වාහන අලංකරණයට යොදා ඇති දෑ ඉවත් කිරීම නොව, රට පිරිසිදු ව තබා ගැනීමට අවශ්‍ය කරන කාණු පද්ධති සුද්ද පවිත්‍ර කිරීම, කසළ බඳුන් පිළියෙල කර ඊට කසළ දැමීමට ජනතාව හුරු කරවීම වැනි ක්‍රියාකාරකම් බවයි තවත් එක් රියදුරෙකු චෝදනා කරන්නේ.

වාහනවල මගීන්ට අපහසුවක් වන ඕනෑම වැඩිමනත් අලංකරණ උපාංග ඉවත් කළ ද, පිළිවෙළකට තබාගෙන ඇති සිය රථවල ආගමික සංකේත පවා ඉවත් කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් බලාපොරොත්තු නොවූ බවයි ජනතාව පවසා සිටියේ.

  1. Mata pena vidihata thaman adahana agamath wenas karannawei mokada api ape mul thana dila thiyenne ape again dahamata budu pilimayak thibba kiyala mokadda athi naraka samahara ayata gedara budun wadaganna wela na ath thamange wahaneta nagala budun sihikarala gamana aranba karanawa a nisa ake warada mokakda

  2. මේකෙ බුදුපිලිමෙ ගලවන්න කියන එක නීතියට අනුව නිවැරදියි… ප්‍රශ්නෙ තියෙන්නෙ බුදු පිලිමෙ නිසා නෙවෙයි බුදුපිලිමෙ තියල තියන තැන…. වාහනයක ඉදිරිපස වීදුරුව සම්පූර්ණ ලෙස ආවරණය නොවී තිබිය යුතුයි…. මේකටත් ආගම ගාවගන්න එපා… නීතියට අනුව වෙනතැනකින් බුදුපිලිමය සවිකර ගන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56