“ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් සැමරීම සතුටට කරුණක් – ජනපති

”ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක, තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

රට තුළ ජනිත නව උද්‍යෝගයත් සමඟ “ලස්සන ජීවිතයක” බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී ඇති බවයි ජනධිපතිවරයා සිය තෛපොංගල් සුබ පැතුම් පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයා තෛපොංගල් දිනය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය පහතින්.

“අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව වැසි සියලුම දෙමළ හා හින්දු ජනතාව මහත් භක්ති පූර්වකව සමරන්නකි. සශ්‍රීක වූ අස්වැන්නකට දායක වන සූර්යයා, මිහිකත, වර්ෂාව සහ ගව-මහීෂාදීන් වෙත ස්තූති කරමින් කෘතගුණ දැක්වීම මෙදින කාර්‍යයයි. මෙම උලෙළ පැවැත් වෙන්නේ දෙමළ දින දර්ශනයට අනුව ‘තායි’ මාසයේ පළමු දින ය. සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම, එනම්, ‘උත්තරායනය’ ඇරඹෙන්නේ තෛපොංගල් දිනයෙනි. නව දිශාගත වීමක් මෙන්ම මිනිස් සමාජයෙහි අභ්‍යන්තර-බාහිර සහජීවන පැවැත්මද තෛපොංගල් උත්සවයෙහි අත්‍යාර්ථ වේ.
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වැඩිවර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්, පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක, තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණකි. ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම් තුළ මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මෙම ව්‍යාපෘතියෙහි සමෝධානිතය.
එසේම තෛපොංගල් සැමරුම මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයෙහි ලා නවමු බලාපොරොත්තු අවදි කරන්නකි. රට තුළ ජනිත නව උද්‍යෝගයත් සමඟ “ලස්සන ජීවිතයක” බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී තිබේ. ඒ උදෙසා වූ පරිසර හිතකාමී සංවර්ධනය පෙරටු කරගත් ආචාර ධාර්මික නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කිරීම ඔස්සේ තිරසර සාමය හා සමඟිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම අපි දරන්නෙමු.
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට ප්‍රතිඥා දෙමින්, රටේ වගකිම භාර ගත් අපි, එම ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසු නොබස්නා වීර්යෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් කැප වී සිටින්නෙමු. මෙරට ජනතාවගේ මුවෙහි සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ මේ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මුළු බැඳීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමි. ඒ සුභාරම්භය සඳහා මෙම තෛපොංගල් සැමරුම මහත් ආශිර්වාදයක් වේවා’යි මම ප්‍රාර්ථනා කරමි.
සියලු ශ්‍රී ලාංකික සහ ලෝකවාසී හින්දු බැතිමතුන්ට, සහජීවනයෙන් හා කෘතවේදීත්වයෙන් වර්ණ ගැන් වූ සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29