UPDATE:-ක්ලබ් වසන්ත ඝාතනයේ උණ්ඩවල KPI ලෙස සටහන් තැබූ සැකකරුට උසාවියෙන් නියෝගයක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අද (17) පෙරවරුවේ අත් අඩංගුවට ගත් සැකකරුව පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි ව තිබෙනවා.

සැකකරු අද දහවල් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි අධිකරණය විසින් පොලිසිය වෙත මෙම අවසරය ලබාදෙනු ලැබුවේ.

බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර; ඔහු අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙක්.

වෙඩි තැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම මෙම සැකකරු විසින් සිදු කරන ලද බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

ඊට අමතරව වෙඩික්කරුවන් රැඳී සිටි අතුරුගිරිය, ගල්පොත්ත පාර ප්‍රදේශයට මෝටර් රථයකින් ගොස් ඔවුන්ව ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු වෙළෙඳසැලක අත් උදව්කරුවෙකු ලෙසටයි සේවය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26