ක්ලබ් වසන්තගේ ඝාතනයට ඇල්ලූ සිව්දෙනෙකු මුදා හැරේ

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාස රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (6) නියෝග කළා.

එම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම සැකකරුවන් සිව් දෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ නමුත් එම සිව් දෙනා සිද්ධියට සම්බන්ධ නොමැති බවට කරුණු අනාවරණය වන බැවින් ඔවුන් නිදහස් කර හැරීමට නියෝගයක් ලබාදෙන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඇන්ටන් සුදර්ශන ,හර්මන් ගීතන් මෝසස් ,අර්නස් රාජ් හා තොමස් ගොඩ් කොන්ට් නමැති සැකකරුවන් සිව් දෙනකු එසේ නිදහස් කිරීමට නියම කෙරුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් පිරිසක් කඩුවෙල උසාවිය වෙත ඉදිරිපත් කළ බව ද එම කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වූවා.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ කලාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවකදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඉකුත් ජූලි 8 දින වසන්ත පෙරේරා නමැත්තා වෙඩි තබා ඝාතනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03