ක්ලබ් වසන්තගේ ඝාතනයට ඇල්ලූ සිව්දෙනෙකු මුදා හැරේ

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාස රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (6) නියෝග කළා.

එම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම සැකකරුවන් සිව් දෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ නමුත් එම සිව් දෙනා සිද්ධියට සම්බන්ධ නොමැති බවට කරුණු අනාවරණය වන බැවින් ඔවුන් නිදහස් කර හැරීමට නියෝගයක් ලබාදෙන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඇන්ටන් සුදර්ශන ,හර්මන් ගීතන් මෝසස් ,අර්නස් රාජ් හා තොමස් ගොඩ් කොන්ට් නමැති සැකකරුවන් සිව් දෙනකු එසේ නිදහස් කිරීමට නියම කෙරුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් පිරිසක් කඩුවෙල උසාවිය වෙත ඉදිරිපත් කළ බව ද එම කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වූවා.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ කලාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවකදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඉකුත් ජූලි 8 දින වසන්ත පෙරේරා නමැත්තා වෙඩි තබා ඝාතනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?