ක්‍රීඩා ඇමතිට අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සංශෝධනය කිරීමට ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව පෙත්සම සලකා බලන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර නොගන්නා ලෙසත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරු විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කළ නියෝගයේ සඳහන්.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු ආකාරය වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ සඳහන් කර ඇති බවයි.

එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලින් බැහැරව ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බවට චෝදනා කළ පෙත්සම්කරුවන් එය අනීතික මෙන්ම අත්තනොමතික ක්‍රියාවක් බවත් එම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව කියා සිටියා.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේ මෙම පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කිරීමට කඩිනම් දිනයක් ලබා දෙන ලෙසටයි.

ඒ අනුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා මේ මස 27 වනදාට පෙර ගොනුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළ අධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 19 වන දා කැඳවන ලෙසත් අධිකරණය විසින් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22