ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

මෙම ගිවිසුම්ගත වීම සිදු වූයේ ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දියි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එරට විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම් වොට්ස් අතරයි මෙම ගිවිසුම්ගත වීම සිදු කෙරුණේ.

ගිවිසුම මගින් දෙරට අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා ක්‍රීඩා කණ්ඩායම් හි දක්‍ෂතා එළිදැක්වීමට, තොරතුරු හා වැඩසටහන් හුවමාරු කරගැනීම දියුණු කිරීමට අවශ්‍ය ක්‍රීඩා ක්‍ෂේත්‍රය හඳුනාගනිමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට හැකි වනවා.

මෙම ද්විපාර්ශ්වික සහයෝගීතාව මගින් පුහුණුවීම, පුහුණු කිරීම, ක්‍රීඩා විද්‍යාව හා වෛද්‍යවේදය වැඩිදියුණු කිරීම, ක්‍රීඩා විනය හා යහපැවැත්ම සංවර්ධනය කරලීම සහ ක්‍රීඩාවේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබාගත හැකි වනු ඇති.

ඔස්ට්‍රෙලියාවේ පුහුණු වැඩසටහන් සහ ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමට මෙන් ම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන්ගේ ඉදිරි සංවර්ධනය සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මෙමගින් අවස්ථාව සැලසෙනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් HE.Paul Stephens, එහි දෙවන ලේකම් (දේශපාලන) Ms Lara Sveinsson ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් ඇතුළු අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා.

2 1 scaled
4 scaled
5 scaled
8 scaled
9 scaled
11 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?