ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

මෙම ගිවිසුම්ගත වීම සිදු වූයේ ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දියි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එරට විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම් වොට්ස් අතරයි මෙම ගිවිසුම්ගත වීම සිදු කෙරුණේ.

ගිවිසුම මගින් දෙරට අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා ක්‍රීඩා කණ්ඩායම් හි දක්‍ෂතා එළිදැක්වීමට, තොරතුරු හා වැඩසටහන් හුවමාරු කරගැනීම දියුණු කිරීමට අවශ්‍ය ක්‍රීඩා ක්‍ෂේත්‍රය හඳුනාගනිමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට හැකි වනවා.

මෙම ද්විපාර්ශ්වික සහයෝගීතාව මගින් පුහුණුවීම, පුහුණු කිරීම, ක්‍රීඩා විද්‍යාව හා වෛද්‍යවේදය වැඩිදියුණු කිරීම, ක්‍රීඩා විනය හා යහපැවැත්ම සංවර්ධනය කරලීම සහ ක්‍රීඩාවේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබාගත හැකි වනු ඇති.

ඔස්ට්‍රෙලියාවේ පුහුණු වැඩසටහන් සහ ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමට මෙන් ම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන්ගේ ඉදිරි සංවර්ධනය සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මෙමගින් අවස්ථාව සැලසෙනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් HE.Paul Stephens, එහි දෙවන ලේකම් (දේශපාලන) Ms Lara Sveinsson ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් ඇතුළු අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා.

2 1 scaled
4 scaled
5 scaled
8 scaled
9 scaled
11 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32