ක්‍රිකට් පුරාවෘත්තයක් වන සංගා එක්ක ක්‍රීස් එක බෙදාගත් ජූනියර් ජයසූරිය

ලොව බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සමග හිටපු නායක සනත් ජයසූරියගේ පුත් වන රනුක් ජයසූරිය එක් තණතිල්ලක, එක් කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල (17) සංසරණය වනවා.

ඇතැම්හු මෙම ඡායාරූපයේ රනුක් ජයසූරියව හඳුන්වා ඇත්තේ; ”ජූනියර් ජයසූරිය” යනුවෙන්.

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම තාක්ෂණික පිතිකරණ රටාවක් හිමි කුමාර් සංගක්කාර සමග රනුක් ජයසූරිය මෙලෙස ක්‍රීඩා කර ඇත්තේ එක්සත් රාජධානියේ පැවති ක්‍රිකට් සමාජ තරගයකදී බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
74
+1
0
+1
19
+1
11
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?