ක්‍රිකට් පාලකයන්ට එරෙහි යෝජනාව ඒකමතිකව සම්මත වෙයි (වීඩියෝ)

“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත වී තිබෙනවා.

විපක්ෂ නායකවරයා විසිනුයි අද පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ.

අද දිනය පුරා මෙම යෝජනාවට අදාළ විවාදය පැවති අතර අනතුරුව එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරුණා.

කෙරුණා. කතානායකවරයා මෙහිදී පාර්ලිමේන්තුවේ මතය විමසා සිටි අතර සභා නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ විපක්ෂය විසින් ගෙන ආ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ස්ථිර කර ඇති බැවින් එය සම්මත වන බවයි. අනතුරුව යෝජනාව සම්මත වූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළා. මෙම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි “දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම” යන මැයෙන් මෙම යෝජනාව ගෙන ඒමට තීරණය කෙරුණේ.

මේ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කිරීමටත් ආණ්ඩු පාර්ශ්වය විසින් එය ස්ථීර කිරීමටත් එකගත්වය පළ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
7
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27