ක්‍රිකට් තරඟයක් අතරතුර මී මැසි ප්‍රහාරයකින් විනිසුරුවරයෙක් ජීවිතක්ෂයට

ක්‍රිකට් තරඟයක් අතරතුර මී මැස්සන් පහරදීම හේතුවෙන් විනිසුරුවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උන්නාඕ හි සප්රු ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරඟයක් අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මනික් ගුප්තා නැමැති ප්‍රවීන ක්‍රිකට් විනිසුරුවරයෙකු වන අතර, ඔහු වසර 30ක පමණ කාලයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරු මානික් ගුප්තා සමඟ සිටි සහායක විනිසුරු ජග්දීෂ් ෂර්මා පවසා ඇත්තේ මෙවැන්නක්.

“බීම විවේකයේදී අපට මී මැස්සන් රංචුවක් පහර දුන්නා. අපි දිව්වා, නමුත් මානික් වයසින් වැඩි නිසා ඔහුට මී මැස්සන් අභිබවා යන්න බැරි වුණා. හැමෝම බිම වැතිර සිටියදී, මී මැස්සන් පැමිණ සිටි සියල්ලන්ටම පහර දුන්නා. මැණික්ට දරුණු ලෙස පහර දුන්නා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
15
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !