කළු ලෝගුව ගැල වූ නාගානන්දට තවත් තහනමක්

නීතිඥ භාවය අහෝසි කෙරුණු නාගානන්ද කොඩිතුවක්කුට මින් මතුවට මහජන සුභසාධන නඩුකර සඳහා ද පෙනී සිටිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු සම්බන්ධයෙන් පෙරේදා (29) දින ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවේ මේ බව සඳහන්.

ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

නාගානන්ද කොඩිතුවක්කු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් දිවුරුම් පෙත්සමක් තුළින් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ට අවමන් සහගත ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම තුළින් වෘත්තීය විෂමාචාර ක්‍රියාවක නිරත වූ බවට චෝදනා කොට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කර තිබුණා.

එම චෝදනා පත්‍රය විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලට වගඋත්තර නාගානන්ද කොඩිතුවක්කු වරදකරු කරන බව සඳහන් කළා.

ඉන් අනතුරුව ඔහුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මින් මතුවට මහජන සුබසාධන නඩුකරවලට පෙනී සිටිය නොහැකි බවත් අදාළ තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?