කළු ලෝගුව ගැල වූ නාගානන්දට තවත් තහනමක්

නීතිඥ භාවය අහෝසි කෙරුණු නාගානන්ද කොඩිතුවක්කුට මින් මතුවට මහජන සුභසාධන නඩුකර සඳහා ද පෙනී සිටිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

නාගානන්ද කොඩිතුවක්කු සම්බන්ධයෙන් පෙරේදා (29) දින ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවේ මේ බව සඳහන්.

ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

නාගානන්ද කොඩිතුවක්කු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් දිවුරුම් පෙත්සමක් තුළින් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ට අවමන් සහගත ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම තුළින් වෘත්තීය විෂමාචාර ක්‍රියාවක නිරත වූ බවට චෝදනා කොට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කර තිබුණා.

එම චෝදනා පත්‍රය විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලට වගඋත්තර නාගානන්ද කොඩිතුවක්කු වරදකරු කරන බව සඳහන් කළා.

ඉන් අනතුරුව ඔහුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මින් මතුවට මහජන සුබසාධන නඩුකරවලට පෙනී සිටිය නොහැකි බවත් අදාළ තීන්දුවේ සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14