කළු ගඟේ දියනෑමට ගිය සිසුවියන් දෙදෙනෙක් සහ සිසුවෙක් ජීවිතක්ෂයට

කළු ගඟේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනෙක් සහ සිසුවෙක් දියේ ගිලීමෙන් අද (14) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 15 සහ 16 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් දෙදෙනෙක් සහ 17 හැවිරිදි වියේ පසු වූ සිසුවෙක්.

ඔවුන් පළමු කළුතර මුහුදේ දියනාමින් සිට ඇති අතර, මියගිය එක් සිසුවියකගේ ඉල්ලිම මත කළු ගඟේ කලපුවට දියනෑමට ගොස් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එලෙස කලපුවේ දියනාමින් සිටිය දී මොවුන් තිදෙනා දියේ ගිලී ඇති අතර, ඔවුන් ගොඩගෙන කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ඊයේ (13) දිනට යෙදී තිබූ එක් සිසුවියකගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් සතුට සැමරීමට මොවුන් මෙලෙස අද (14) දිය නෑමට පැමිණ ඇති බව සඳහන්.

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
22
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?