කළු ගඟේ දියනෑමට ගිය සිසුවියන් දෙදෙනෙක් සහ සිසුවෙක් ජීවිතක්ෂයට

කළු ගඟේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනෙක් සහ සිසුවෙක් දියේ ගිලීමෙන් අද (14) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 15 සහ 16 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් දෙදෙනෙක් සහ 17 හැවිරිදි වියේ පසු වූ සිසුවෙක්.

ඔවුන් පළමු කළුතර මුහුදේ දියනාමින් සිට ඇති අතර, මියගිය එක් සිසුවියකගේ ඉල්ලිම මත කළු ගඟේ කලපුවට දියනෑමට ගොස් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එලෙස කලපුවේ දියනාමින් සිටිය දී මොවුන් තිදෙනා දියේ ගිලී ඇති අතර, ඔවුන් ගොඩගෙන කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ඊයේ (13) දිනට යෙදී තිබූ එක් සිසුවියකගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් සතුට සැමරීමට මොවුන් මෙලෙස අද (14) දිය නෑමට පැමිණ ඇති බව සඳහන්.

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18