AFC Banner
AFC Banner
Empty Ad

කළු ගඟේ ජල මට්ටම ඉහළට – රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවධානමක් (වීඩියෝ)

කළු ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (27) රාත්‍රියේ පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අද (28) දිනයේ ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව රත්නපුර, පැල්මඩුල්ල, කුරුවිට, කිරිඇල්ල, ඇලපාත සහ ඒ් අවට ප්‍රදේශවලට ඉදිරි කාලයේ ගංවතුර අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය පිටාර ගැලීම නිසා ගම්පහ, කිරිඳිවිට සහ අකරවිට යන ප්‍රදේශවල මර්ග කිහිපයක් අද පෙරවරුව වනවිටත් ජලයෙන් යටව පැවතියා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගිං ගඟේ ජල මට්ටම ද සැළකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 11,792කට අයත් පුද්ගලයින් 44,294 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

පවතින ආපදා තත්ත්වය කළමණාකරණය කිරීම සඳහා ජනපති නියමයෙන් කැඳවා තිබූ රැස්වීමකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් බලාත්මකයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල තවදුරටත් මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?