කළු ගඟේ ජල මට්ටම ඉහළට – රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවධානමක් (වීඩියෝ)

කළු ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (27) රාත්‍රියේ පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අද (28) දිනයේ ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව රත්නපුර, පැල්මඩුල්ල, කුරුවිට, කිරිඇල්ල, ඇලපාත සහ ඒ් අවට ප්‍රදේශවලට ඉදිරි කාලයේ ගංවතුර අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය පිටාර ගැලීම නිසා ගම්පහ, කිරිඳිවිට සහ අකරවිට යන ප්‍රදේශවල මර්ග කිහිපයක් අද පෙරවරුව වනවිටත් ජලයෙන් යටව පැවතියා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගිං ගඟේ ජල මට්ටම ද සැළකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 11,792කට අයත් පුද්ගලයින් 44,294 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

පවතින ආපදා තත්ත්වය කළමණාකරණය කිරීම සඳහා ජනපති නියමයෙන් කැඳවා තිබූ රැස්වීමකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් බලාත්මකයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල තවදුරටත් මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?