AFC Banner
AFC Banner
Empty Ad

කළුතර අධිකරණය ඉදිරිපිට පාසල් ළමුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක

කළුතර, කිතුලාව ප්‍රදේශයේ වයස අවුරුදු 06ක දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර සැකකරුවෙක් වෙනුවෙන් අධිකරණයේ දී නීතිඥවරුන්ට පෙනී නොසිටින ලෙස ඉල්ලා පිරිසක් කළුතර අධිකරණය ඉදිරිපිට අද (13) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය තමන්ට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සිය 13 හැවිරිදි වැඩිමහල් සොහොයුරියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව සහෝදරිය විසින් ඒ පිළිබඳව මවට දැනුම් දී ඇති අතර, පසුව මව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරු වෙනුවෙන් අධිකරණයේ දී නීතිඥවරුන්ට පෙනී නොසිටින දන්වා ප්‍රදේශවාසීන්, එම දැරියගේ පාසල් මිතුර මිතුරියන්, ගුරුවරුන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?