කළුකඩ මිලට ඉන්ධන විකිනූ දෙදෙනෙක් අත්අඩංගුවට.

නීති විරෝධී ලෙස වැඩිමිලට ඉන්ධන විකිනූ පුද්ගලයෙක් අරනායක වැලිමන්න ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(30) සිදුකල වැටලීමේදී සඟවාගෙන තිබූ ඩීසල් ලීටර 186ක් තම භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කලේ.

57 හැවිරිදි මෙම සැකකරුට ලබන 5 වෙනිදා අධිකරනයේ පෙනීසිටින ලෙසට දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

මේ අතර 51 හැවිරිදි තවත් පුද්ගලයෙක් සපුගස්කන්ද – මාකොළ – ඉසුරු මාවත ප්‍රදේශයේදී ඩීසල් ලීටර 820ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදින්චිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?