පසුගිය දා කහවත්ත, හල්ලිද ප්‍රදේශයේ තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙක්ව අද (02) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණා.
වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා සහ ඝාතනය සඳහා ඔවුන් පැමිණි ජීප් රථයේ රියදුරු යැයි සැලකෙන සැකකරුවන් දෙදෙනා මෙලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී එම සැකකරුවන් දෙදෙනාවම සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබෙනවා
.
ජුනි මස 30 වැනිදා කහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන සුරංජන නම් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.





