පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවින් 5 දෙනෙකු ඇතුලු 27 දෙනෙක් සාදයක් පවත්වමින් සිටියදී කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කහතුඩුව ප්‍රදේශයේම මහල් නිවාස සංකීර්ණයක පවටි මේ සාදයේ දී මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලැබුනු තොරතුරක් ඔස්සේයි.
පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා FACEBOOK හරහා ආරාධනා ලැබ කහතුඩුව – උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකට පැමිණි විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරන බවට තොරතුරක් කහතුඩුව පොලිසියට ලැබී තිබුණා.
ඒ අනුවයි ඊයේ රාත්‍රියේ කහතුඩුව පොලිසියේ විශේෂ පොලිස් කණ්‌ඩායමක් අදාල සාදය පැවැති නිවාස සංකීර්ණයට පැමිණ සාදයට එක්ව සිටි පිරිස අත්අඩංගුවට ගත්තේ.
එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර එම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන් පස් දෙනෙකු, සහ සිසුන් 12 දෙනෙකු ද වනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් විස්සක්, මත්පෙති තුනක්, මෝටර් රථයක්, හා ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම සාදයට පැමිණි තරුණයින්ට ඇසුරු කිරීම සඳහා ගණිකාවන් තිදෙනෙකුද ගෙන්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුද සිට ඇති අතර ඔවුන් දෙදෙනාම එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය කර සිටි බව පොලිසිය පවසනවා.
ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු විසින් මෙම සාදය සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති අතර සාදය පැවැත්වීම සඳහා හෝමාගම උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකට පැමිණ රුපියල් 45,000ක් ලබා දී කුලී පදනම මත නිවසක්ද ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දියතලාව ප්‍රදේශයේ පදිංචි අදාල සිසුවා මෙම උපන්දින සාදය පවත්වා ඇත්තේ ඔහුගේ විසි දෙවන උපන්දිනය වෙනුවෙන්.
අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල, රත්නපුර, බූස්ස ,පොළොන්නරුව, මහරගම ,හෝමාගම සහ බොරලැස්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් අද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට යොමු කිරීමෙන් අනතුරුව හෙට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




